(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිතය.
එමෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු ‘ලංකාදීපයට” පැවසීය.
මෙම සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව ද හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපතිවරයා සඳුදා (01) මෙරටට පැමිණීමට නියමිතව ඇත.