හිටපු ජනපති වරප්‍රසාද කැපෙන ගැසට්ටුව එළියට


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය ඊයේ ( 31) නිකුත් කෙරිණ.

එම පනත් කෙටුම්පතෙන් ජනාධිපතිවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට සපයන නිවාස සහ දීමනා ඉවත් කෙරෙනු ඇත.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි සකස් කෙරැණු මෙම පනත් කෙටුම්පතෙන් 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කෙරේ.

එ් අනුව මෙම පනත් කෙටුම්පතෙන් හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවද හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්ද හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුපද ඉවත් කිරීම සිදුවේ.