(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ.
එහිදී නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ’‘අපි බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පිරිසක්... එහෙම රටක වැදගත්ම ස්ථානයක් වන පාර්ලිමේන්තුවේදී සිදු වූ ක්‍රියාකාරකම් අපිට කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒවා පහත් මට්ටමේ වැඩ කවුරු කළත්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල්වලට සම්බන්ධ හැමදෙනාම ඊට වගකිව යුතුයි” යැයි නාහිමියෝ පැවසූහ.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ පාර්ලිමේන්තුවේදී සිදු වූ සියලු දේ සදහා කථානායකවරයාගේ ක්‍රියා කලාපය බලපෑ බවයි. මෙවැනි අවස්ථාවක කල යුතු හොදම දෙය වන්නේ රටේ ජනමතයට අවස්ථාව ලබා දීම වන බවයි.