හිටපු ජනපති නැතිව වාහනය ඇවිත්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැතිව කාරය පමණක් නුගේගොඩ රැලියට පැමිණි බවත්, එසේ කළේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නුගේගොඩ රැලිය අමතමින් කීවේය.

‘වාහනේ ඩමියක් එවලා බැලුවා ආරක්ෂාව කොහොමද කියලා.‘ යැයි ප්‍රනාන්දු මහතා කීවේය.

රැලිය අමතමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හිටපු ජනපති එන බව කියමින් කතාව අතරමැද නැවැත්වීය. ඉන් පසු නිවේදකයා හිටපු ජනපති පිළිගැනීමට හේතුපාඨ කියද්දී මහින්ද රාජපක්ෂ මහතා එන බව කියන වාහනය වේදිකාව අසලටම පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා වාහනයෙන් බැස්සේ නැත. මද වේලාවකින් නැවතත් වාහනය පසු පසට ගියේය.

අතරමග නැවැත්වූ කතාව යළි අරඹමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේ ආරක්ෂාව මැන බැලීම සඳහා හිටපු ජනපති වෙනුවට ඩමියක් ගෙන ආ බවයි.

 

නුගේගොඩ රැලියේ අලුත්ම තත්ත්වය දැනගන්න  පහත වෙබ් පිටුවට පිවිසෙන්නhttp://www.lankadeepa.lk/index.php/top_story/501745

වීඩියෝ - අකිල බද්දෙවිතාන