හිටපු ජනපති තටු කපන කෙටුම්පතේ විවාදය හෙට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙම විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්දයකින් සම්මත කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතයද කථානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව  මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි   නැත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය