(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඉතිහාසය පුරා සිටි රාජ්‍ය නායකයන් බොහෝමයක් අකල් මරණවලට ගොදුරු වී ඇති බව කී අබේවර්ධන මහතා ඒ නිසාම ප්‍රභු ආරක්ෂාව, ආරක්ෂක අමාත්‍යංශයට ව්‍යවස්ථානුකුලව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව අමතමිනි.
එහිදී වජිර අබේ වර්ධන මහතා මෙසේද කීය.
අද බොහෝ දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනවා. වර්තමාන රජය මෙම ආරක්ෂාව කප්පාදු කරන එක ගැනත් සමාජයේ විවිධ කතා තිබෙනවා. කොහොම උනත් මේ තීන්දු තීරණ ගන්නකොටත් රජය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ තිස් අවුරුද්දක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න අවසානයේ නායකත්වය දුන් පුද්ගලයා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.