හිටපු ගුවන් භටයා පහළොස් වසරක් හිරේ


තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයකු වන බුද්ධික නුවන් කුමාරට (32) මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා  අද බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඩුවමක් නියම කළේය.

දැරියට රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් දස දහසක දඩයක් ද ඔහුට නියම විය.