පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇතිදැයි සෙවීම සදහා සිදුකිරීමට සැලසුමි කර සිටින ජාත්‍යන්තර වෛද්‍ය පරීකෂණයට උපදෙස් දීමට පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් පත් කරනු ලැබීය.
මහ ඇමැතිවරයා එම කමිටුව පත් කර ඇත්තේ උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශ අනුවය.
මෙම පංචපුද්ගල වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස යාපනය ශීක‍්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සිවන් සුදන් මහතා පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ පරිදි උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සඳහාම තවත් අනු කමිටු පමක් පත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර වෛද්‍ය පරීකෂණයට ඇමරිකාව සහාය නොදක්වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් උතුරු මහ ඇමැතිට දන්වා තිබිණි.