පුනරුත්ථාපනය අවසන්කොට සිවිල් ආරක්ෂන ඉළකායට අනුයුක්තව සේවය කරන හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් ද, සිවිල් ආරක්ෂක බලකායේ සිංහල සෙබළෙක් ද කොටි සාමාජිකාවෝ තිදෙනෙක් ද මුලතිව් විශ්වමඩු සිවිල් ආරක්ෂක මූලස්ථානයේදී අද යුග දිවියට ඇතුළු වූහ.
උසින් අඩුම මනාල යුවළ වූයේ මුරුගයියා ශසි කුමාර් (33) සහ තවුසි පුරම් කොඩිකාමම් හි පදිංචි ජෙරාසා මේරි බබිලා ය. මනාලියාගේත් මනාලියගේත් උස අඩි තුනයි අඟල් පහකි.
මැදවච්චියේ හර්ෂ නුවන් රත්නායක හා තසිවනගර්, පුදුකුඩිඉරිප්පු පදිංචි ප්‍රේමර්තනම් සුගන්ධිනී මෙන්ම පුදුකුඩිඉරිප්පු මුලතිව් පදිංචි ජේරිම්බනාදන් වර්මන් හා ඔඩ්ඩුසුඩාන්හි නඩරාසා සුකිර්තා යන සිවිල් ආරක්ෂක සෙබළුන් ද මෙදින විවාහ දිවියට එක් වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අද්මිරාල් ආනන්ද පීරිස් මහත්වරු සාක්කිකරුවෝ වූහ.
පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජනරාල් කේ ජේ විජේතිලක මහත්වරු ද ඊට එක් විය.