හිටපු කොටි 10ක් යළි රිමාන්ඩ්


තමන්ගේ චෝදනා නීතිපති දෙපාර්තමේන්තුවට දන්වන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හිටපු කොටි සාමාජිකයන් පිරිසකට උපදෙස් දුන්නාය.

මේ අතර හිටපු කොටි සාමාජිකයන් දස දෙනෙක් දෙසැම්බර් 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. තවත් කොටි සාමාජිකයකු පුනරුත්ථාපනයට යොමු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නාය. වැඩිදුර විභාගය දෙසැම්බර් 16ට කල් තැබිණි.