හිටපු කි‍්‍රකට් නායකයන් තිදෙනාම ඉදිරි සැලසුම්වල කොටස්කරුවන්


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් වල ප‍්‍රධාන කොටස්කරුවන් වන බව ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙස පත්වූ හිටපු ටෙස්ට් කී‍්‍රඩක සනත් ජයසූරිය මහතා පවසයි.

”මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහා අවශ්‍ය වෙනවා”
”කී‍්‍රඩකයන් තුන් හතර දෙනෙක් ඉතා නුදුරේදීම කී‍්‍රඩාවෙන් සමුගන්න ඉන්නවා. ඒත් අළුත් කි‍්‍රඩකයන් ඔවුන්ගේ නිසි මට්ටමට පැමිණෙන තුරු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගේ අත්දැකීම් අපට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් මේ වන විටත් දස්කම් අතින් ඉදිරියෙන්ම සිටින අය නිසා” යැයිද සනත් ජයසූරිය ඬේලි මිරර් පුවත්පතට පැවසීය.

වර්ෂ 2011දී කී‍්‍රඩාවෙන් සමුගත් සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කරමින් නව කි‍්‍රකට් තේරීම් කමිටුවට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත වික‍්‍රමරත්න. චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්ත පත්කිරීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පියවර ගත්තේය.

මේ අතර දක්ෂ නවක කී‍්‍රඩකයන් වන දිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ වැනි කී‍්‍රඩකයන්ගේ හැකියාවන් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා විශේෂ උනන්දුවකින් කතාකළේය.

”ඒ වගේ දස්කම් තියෙන කී‍්‍රඩකයන් රැසක් සිටීම සම්බන්ධයෙන් අප වාසනාවන්තයි. ජ්‍යෙෂ්ඨයන්ගේ හිස්තැන් පිරවීමට තමන් සූදානම් බව ඔවුන් මේ වන විටත් පෙන්වා අවසන්” යයිද ජයසූරිය මහතා පැවසීය.

”මා කී‍්‍රඩකයෙක් වුණෙ දේශපාලඥයෙක් වෙන්න කලින්” ”මා ටෙස්ට් තරග 100ක් හා එක්දින තරග 400කට වඩා සහභාගි වෙලා රට නියෝජනය කරලා තිබෙනවා. මෙය (තේරීම් කමිටු සභාපති තනතුර) මට ලැබුණේ දේශපාලන බලපෑමක් නිසා නෙමෙයි. මට මේ තනතුර සදහා ගොඩක් සුදුසුකම් තියෙනවා”
”මේක දේශපාලන පත් කිරීමක් නෙමෙයි” යනුවෙන්ද ජයසූරිය මහතා පැවසීය.

-ඬේලි මිරර් අනුග‍්‍රහයෙනි.