
(ආරියරත්න රණබාහු)
හිටපු කතානායකවරයකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මිය යනවිට 81 වන වියෙහි පසු වු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල දේශපාලනාඥයකි.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ ඒ මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා ලෙස ද කටයුතු කළේය.

