හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා


රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී  පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණිල්ලක් කැර ඇති බව  පොලීසිය කියයි.

ඔහු තම මිතුරන් යොදවා පැහැර ගැනීමට සැලැස්වීම රඟපෑමක් බවද  වසර නවයක් ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය කළ ඔහු සේවයෙන් පහ කළ අයකු බවද  එම මුදලින් ඔහු යතුරු පැදියක් මිලදී ගෙන ඇති බව ද පොලීසිය පවසයි.