හිටපු උපකුලපතිට පහරදුන් තවත් සිසුහු 4ක් අල්ලයි


(ඉන්දිකා  රාමනායක සහ ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි  සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13)  අත්අඩංගුවට  ගෙන ඇති  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම 4 දෙනා අද පෙරවරුවේ පේරාදෙණිය පොලීසියට පැමිණ බාරවී අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා  කීය.

සිද්ධියෙන්  මේ දක්වා  අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10 දෙනෙකි.