හිටපු උප ඇමැති රිමාන්ඩ්


මීගමුව පොලිසියට අද (24) පෙරවරුවේ භාරවූ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන නොවැම්බර් 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත එපිටවල මහතා නියෝග කළේය.

මීගමුව සිල්ලන්දූවේදී 2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහිව නීතිපති විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ සිටි අතර මීගමුව අධිකරණය ඔහුට වරෙන්තු නිකුත් කැර තිබිණි. ඒ අනුව අද පෙරවරුවේ ඔහු මීගමුව පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබීය.


හිටපු  නියෝජ්‍ය  ඇමැතිවරයකු වන සරත් කුමාර  ගුණරත්න 2002 වර්ෂයේ සිදු වු  රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගත් බව මීගමුව පොලිසිය කියයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.