ගිය වසරේ මැයි මාසයේදී හිටපු උප අැමති හේමාල් ගුණසේකරට දක්ෂිණ අදිවේගී මාර්ගයේදී දඩ කොළයක් දීමෙන් පසුව මරණ තර්ජන නිසා සේවය වාර්ථා නොකල පොලිස් කොස්තාපල් සුමින්ද ගුණසේනගේ ඉල්ලා අස්වීම පොලිසිය මෙතෙක් බාර ගෙන නැත.
ගිය ජුනි මාසයේ ඔහු එම ඉල්ලා අස් වීමේ ලිපිය යවා ඇත. ඔහුට දන්වා ඇත්තේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ඉල්ලීම පිළිගත හැකිද, නැද්ද යන්න තීරණයක් ගන්නා බවයි.
එම කොස්තාපල් ජනපතිට හා අගමැතිට පෙත්සමක් ඉදිරිපත් කරමින් දැන් පවසනුයේ එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වා තමා යළි සේවයේ පිහිටවන ලෙසයි.

