හිටපු ඇමැතිට අසනීපයි : අද ජනපති කොමිසමට නෑ


සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් ලබාගෙන පොල් සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වලින් එය වැඩි දියුණු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට අද (14) කැඳවා තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට පැමිණිමට නොහැකි බව ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි කියයි.