හිටපු ඇමැතිගේ කෝටියක අරක්කු අල්ලයි


මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන වයඹ අති විශේෂ අරක්කු කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් දෙමටගොඩින් වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

අරක්කු කාල, බාගය සහ බෝතලද අරක්කු නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බවද පොලිසිය පවසයි.

මෙම ගබඩාව හිටපු ඇමැතිගේ ළඟම මිතුරකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි අරක්කු ගබඩා කිරීමට අවසර ගෙන නැතැයිද පොලිසිය කියයි. අරක්කු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි.

මෙම සීල් තැබු ගබඩාව උසාවි නියෝගයකින් පරීක්ෂා කිරීමට පොලීසිය සැරැසේ.

 

DSC01754 DSC01761 DSC01766 DSC01778 RDS_9999