හිටපු ඇමැතිවරයකුට සම්බන්ධ බව කියන ස්කාගාර හිමියකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් දෙකෝටි දස ලක්ෂයක දඩයක් නියම කළේය.
බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල 68,000ක් දෙමටගොඩ ගබඩාවකට මාරු කිරීම ඊට හේතුවයි. මෙම ස්කාගාර හිමිකරු නමට පමණක් ක්‍රියාකරන්නකු බවත් සැබෑ හිමිකරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරයකු බවත් කියති.
පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයෙන් දින අටකට පසුව මෙම මත්පැන් තොගය දෙමටගොඩ ගබඩාවකට ගෙනැවිත් ඇතැයි කියති. අත් අඩංගුවට ගත් බෝතල සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී ඇත. මෙම ස්කාගාරයේ වර්ග හත අටක මත්පැන් නිපදවන බවද වාර්තාවේ.

