හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ කළුරිය කරයි


හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසුවිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිත ලෙස කටයුතු කළ ඒ මහතා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇතැයි පවුලේ ඥාතීහු කියති. 1949 ජනවාරි 5 වැනිදා උපත ලද රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1994 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2001 සිට 2004 වසර දක්වා පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුුතු කළේය.