සතොසේ රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ජුනි අට වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වූ මොහොමඩ් සාබ්දීන් සහ සතොසේ හිටපු සභාපති එම් එම් ඒ ආර් ප්‍රනාන්දු සෙසු සැකකරුවෝය.

