හිටපු ඇමැති ජොන්ස්ටන්ගෙන් යළිත් අභියාචනයක්


 

 

 

( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ )

 

ලක් සතොස ආයතනයෙන් රුපියල් 38 ,28, 596 .50 ක් වටිනා භාණ්ඩ අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගය නිමවන තුරු රිමාන්ඞ් බාරයට පත්කර සිටින තමන් ඇප මත මුදාහැරීම ප‍්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමා තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

මෙම නඩුව යළිත් පසුගිය සැප්තැම්බර් 03 වැනිදා විභාගයට කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම්කරු නඩුව නිමවන තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබිණි.

ඉන්පසුව පෙත්සම්කරු ඇප අයදුම්පතක් ඉදිරිපත් කලත් මහාධිකරණ විනිසුරුවරයා විසින් එම අයදුම්පත ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

පසුව එම තීන්දුවට එරෙහිව පෙත්සම්කරු විසින් අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද ඉකුත් මස 17 වැනිදා අභියාචනාධිකරණය එය ඉවත දැමීය.