පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම විසින් සාක්කි විභාග කිරීම ආරම්භ කෙරිණි.
රජයේ මුදල් වියදම් කරමින් හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳගේ නමින් වැලිකන්ද ප‍්‍රදේශයෙන් ලබා ගත් අක්කර 45ක රජයේ ඉඩමක පොල් වගා කිරීම ඇතුළු සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් කොමිසම මෙලෙස සාක්කි විභාග කිරීම ආරම්භ කොට ඇත.
මෙම සිද්ධීන් වලට වගකිවයුතු අය ලෙස හිටපු පොල් කර්මාන්ත ඇමති මෙන්ම මෙම රජයේ ඌව පලාත් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යකෂවරයා වන ජගත් පුෂ්පකුමාර මහතා, ඔහුගේ බිරිද වන ජී.එන්.ටී.ඞී. ගුණරත්න මහත්මිය, ලූණුවිල පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යකෂ එච්.ඒ. ජයන්ත ගුණතිලක මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්ධුල අජිත් වේරගොඩ යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා ඇත.

