හිටපු ඇමතිට නැති තහනමක් දැමූ නිලධාරිනිය ගෙදර


(යොහාන් භාසුර)

පාතාලයකුගේ විදෙස් ගමන් තහනම හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව වාර්තා වේ.

වෙනත් පුද්ගලයකුගේ විදේශ ගමන් තහනමක් හිටපු අමාත්‍යවරයාගේ නමට යොමුවීම පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පස්වරුවේ පැවසීය.

එය පරිගණක දෝෂයක් ද එසේ නැත්නම් ආදාල නිලධාරිනියගේ අතපසුවීමක් ද යන්න වැඩි දුරටත් සොයා නිලධාරිනිය පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙන බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් කීය.