හිටපු අලියා ‘ගලඋඩ‘ ඡන්ද ගැටුමක


මහියංගනයේ ඇමැතිවරයකුගේ ආධාරකරුවන් පිරිසක් හා නැගෙනහිරන් එහි ගිය එජාප පළාත් සභා  මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසක් අතර වියළුව කන්දෙකැටිය ගලඋඩ ඡන්ද මධ්‍යස්ථානය අසල දී ගැටුමක් ඇතිවූ බවත්, එක් පිරිසක් පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවියක් පැහැර ගත් බවත් පොලිස් ආරංචි කියයි.

මැතිවරණ නිරීක්ෂණ ජාලය පැවසුවේ එවැනි සිද්ධියක් ගැන තමන්ට ද තොරතුරු ලැබුණු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දෙපිරිසක් අතර වචන හුවමාරුවක් ඇතිවී ඇති බව වාර්තා වන නමුත් ගිනි අවියක් පැහැරගත් බවක් වාර්තා නොවන බවයි. ඒ ගැන සොයා බලන බව ද ඔහු කීවේය.