හිටපු අයි.පී කොටියාට රැකවරණ දීලා


කොටි සංවිධානයේ ඔත්තු අංශයේ සාමාජිකයන්ට නවාතැන් දී ආරක්ෂක හමුදාවලින් වසන් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි හිටපු පොලිස් පරීක්ෂක අජ්මීර් දාවුඩ් මොහොමඩ්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඔක්තෝබර් 29 ට කල් තැබීය.

කොටි ඔත්තු අංශ නායකයකු වන මායා හා තවත් කොටි නායකයකු වන කනගලිංගම් නිශාන්තන්ට 2007 දී රැකවල් දුන්නැයි ඔහු චෝදනා ලබා සිටී. නඩුව ලබන 29 වැනිදා විභාගයට ගන්නා බව විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.