සිය වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩු පැවරීය.
2010 ජූලි නව වැනිදා කොළඹ කුරුඳුවත්තේ ධර්මපාල මාවතේ ජාතික සංවර්ධන බැංකුවේ ඇති ගිණුම් තුනක් සම්බන්ධයෙන් හිමිකම් ප්‍රකාශනයෙන් වත් කම් බැරකම් හෙළි නොකළැයි එම ගිණුම් තුනට අදාළව නඩු තුනක් පවරා ඇත.
හිටපු අගවිනිසුරුවරියට සැප්තැම්බර් 7 අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.