ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද උදෑසන නවයට බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියාය.
සිය පුත්‍රයා විසින් පැදැවුණු කාරයේ ඇය පැමිණියාය. ඇගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාද එහි සිටියේය.
ඇය එනතුරු කොමිසම ඉදිරිපිට ජේ සී වැලිඅමුණ, ගුණරත්න වන්නිනායක, මර්වින් සිල්වා ඇතුළු නීතීඥ මහත්ම මහත්මීන් පිරිසක් රැස්වී සිටියහ.
ඔවුන් සැවොම ඇයට අතට අත දී ආචාර කළහ.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි සහ සුගත් කල්දේරා මහත්වරුන් සමග බණ්ඩාරනායක මහත්මිය කොමිසම හමුවට ගියාය.
පැයක පමණ කාලයකට පසුව නැවත ඇය පිටව ගියාය.
මාධ්‍යවේදීන් කෙසේ හෝ ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තැත් කළද ඇය කිසිත් නොකියා ඉංග්‍රීසියෙන් ‘තෑන්ක් යූ වෙරි මච්‘ පමණක් කියමින් පිටවී ගියාය.