හිටපු අගවිනිසුරු අල්ලස් කොමිසම හමුවේ


ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම හමුවට අද උදේ 8.45ට පැමිණියාය. පෙරවරු 9ට එහි එන්නැයි ඇයට නොතීසි නිකුත් කර තිබිණි. සිය නිතිඥයින් වූ නලින් ලද්දුවහෙට්ටි හා ගුණරත්න වන්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සමග ඇය පැමිණියාය.
මේ අතර නීතිවේදීන් හා මහජන නියෝජිතයන් පිරිසක් කොමිසමට අසල උද්ඝෝෂණයක් පවත්වමින් හිටපු අගවිනිසුරුවරියට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටියහ.