හිටපු අගමැති පුතාත් නීති කඩයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අනුරාධ ජයරත්න මහතාගේ පෝස්ටර් තලාතුඔය මාරස්සන නගරයේ  අලවමින් සිටියදී අද (24) අලුයම 1.30 ට පමණ තිදෙනකු අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.

පෝස්ටර් ඇලවිම සඳහා පැමිණි වෑන් රථය හා පෝස්ටර් තොගයක්ද අත් අඩංගුවට ගත් බවත් සැකකරුවන් මාරස්සන පදිංචි කරුවන් බවත් පොලිසිය කියයි.

මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.