අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දක්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (27) නියෝග කළේය. බදාදා (28) මැති ඇමැති බුහුමන් සඳහා පාර්ලිමේන්තු මන්දිරයේ තැන්පත් කිරිමට නියමිතය.
මහජන බුහුමන් සඳහා වික්‍රමනායක මහතාගේ දේහය ඉන්පසු හොරණ නිවසට රැගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කියයි.
වික්‍රමනායක මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (31) සිදුකිරිමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග කියයි.
අාදාහනය සිදු කරන ස්ථානය ගැන පසුව දැනුම් දෙනු ඇත.
ජායාරූප සැපයුම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![ratnasiri_photo_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_61.png)
![ratnasiri_photo_(8)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_81.png)
![ratnasiri_photo_(21)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_211.png)
![ratnasiri_photo_(31)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/ratnasiri_photo_311.png)
