හිටපු අග විනිසුරුට නොතීසි


හිටපු අග විනිසදුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මැයි මස 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජිත හේරත්, ආර් සම්බන්දන් මහත්වරුන්ටද එදිනට පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීනි නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීසි නිකුත් කළේ නීතිපතිවරයා විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

හිටපු අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකු කළ රිට් ආඥාව ඉවත දැමීමට නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.

මෙම අභියාචන පෙත්සම සලකා බලනු ලැබුවේ සලීම් මර්ෂුක්, සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.