ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ සර්ටියෝරාරි රිට් ආඥාව අවලංගු කරන ලෙස නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉකුත් 30 වැනි දින යොමු කළ විශේෂ අභියාචනා පෙත්සමට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නීතීඥවරු කියති.
ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, මේ වන තෙක් තම සේවාදායකයන්ට කිසිදු නොතීසියක් ලැබී නැතැයි නීතීඥවරු වන සුනිල් වටගල සහ එම් ඒ සුමන්තිරන් මහත්වරු කියති.
කෙසේ වෙතත් නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කැරුණු විශේෂ අභියාචනා පෙත්සම බැලීමට හෝ එහි පිටපත් ලබා ගැනීමට ලේඛකාධිකාරීවරයා තමන්ට අවසර නොදුන් බව ද එම නීතීඥවරු පවසයි.