හිටපු අග විනිසුරු අල්ලස් කොමිසමෙන් යයි


හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද අල්සල් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි මොහොතේ මාධ්‍යවේදීන් ඇය වටකරනෙ ඇගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටි නමුත් ඇය කිසිවක් නොකීවාය. ඉංග්‍රීසියෙන් ‘නෝ කමෙන්ට්ස්. තැන්ක්යූ වෙරි මච්‘ (කිසිවක් කියන්නට නැහැ. ඔබට බොහොම ස්තුතියි) යනුවෙන් ඇය කීවාය.

කොමිසම අවට උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු ඇතුළු පොලිස් භටයන් පිරිසක් ආරක්ෂාවට යොදා තිබූ අතර හිටපු අගවිනිසුරු කොමිෂන් සභා කාර්යාලයට යද්දී හෝ පිටවී යද්දී දොරටුවේ රාජකාරි කළ කිසිදු පොලිස් භටයකු ආචාර නොකළහ. ඇය පැමිණියේ පුතා විසින් පැදවූ රියෙකනි.