හිටපු කොටියා දෙසතියෙන් බාර වෙන්න හදයි


කොටි  සංවිධානයේ හිටපු මුදල්  පාලකයා  වශයෙන්  සැලකෙන එමිල් කාන්තන් අත්අඩංගුවට  ගන්නා  ලෙස ශ්‍රි ලංකා අධිකරණයෙන් නිකුත්  කළ වරෙන්තුවත්  ඔහු  අත්අඩංගුවට  ගැනිම සඳහා   ඉන්ටපෝල්  සහය පතමින්  නිකුත්  කළ රතු නිවේදනයත් ආපසු කැඳවීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්  අයිරාංගනී  පෙරේරා  මහත්මිය අද (01) නියෝග කළාය. මෙම වරෙන්තුවත් රතු නිවේදනයත්  නිසා ශ්‍රි  ලංකාවට  පැමිණ උසාවියට  බාර  වීමට  නොහැකි තත්ත්වයක්  ඇතැයි කාන්තන්ගේ  නීතිඥවරු උසාවියට දැන්වුහ.

ඒ  අනුව එම නියෝග ඉවත්  කළ පෙරේරා  විනිසුරුවරිය දෙසතියකින්  උසාවියට  බාර  වන ලෙස එමිල්  කාන්තන්ට  දැන්වන්නැයි නිතිඥවරුනට සැළ කළාය.