හිඟුරුවැල්පිටිය රක්ෂිතයේ කළුගල් කැඩීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිඟුරුවැල්පිටිය රක්ෂිතයේ කළුගල් කැණීම හෝ වෙනත් කැණීම් කිරීමට බලපත‍්‍ර දීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද(07) පතල් හා භූවිද්‍යා කාර්යාංශයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මැයි 04 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි  එම අතුරු නියෝගය නිකුත් කෙරිණි.එම රක්ෂිතයේ කළුගල් කැඞීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය කෙරිණ.

පලාගල ප‍්‍රදේශයේ හිඟුරුවැල්පිටිය රක්ෂිතයේ කළුගල් කැඞීම සඳහා පුද්ගලයින් පස් දෙනෙකුට බලපත‍්‍ර නිකුත් කර ඇති බවත් ඉන් රක්ෂිතය අවට පරිසරයට විශාල හානියක් වන බවත් පෙත්සමෙන් පෙන්වා තිබේ.
පලාගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු ඇතුළු දෙදෙනකු මෙම පෙත්සම ගොනු කර තිබිණි