හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ


(ඩබ්ලිව්.ඒ.පියතිලක)

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිඟුරක්ගොඩ නගරයේ ඉදිවන වෙළඳසලක් ලබාදීමේ පොරොන්දුව මත එසේ අල්ලස් ලබාගෙන ඇති අතර මීට පෙර ඔහුගෙන් රුපියල් 50000ක් ද අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීහු කියති.