හිඟන්නගේ පාත්තරේට වැසූ හෙනහුරා අල්ලන්න සොයයි


අට වසරකට පෙර මිය ගිය හමුදා පුතා වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක පාරිතෝෂිකයක් පිරිනමන බව කියමින් පන්විල තවලම්තැන්නේ මවක මහනුවර දිසාපති කාර්යාලයට අසලට රැගෙනගොස් රුපියල් අසූ දහසක් වංචා කළැයි කියන පුද්ගලයකු සොයා ගැනීමට පන්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී එම මව හමුවිමට ගිය වංචාකාරයා ඇයට කියා ඇත්තේ පාරිතෝෂිකය ලබා ගැනීමට පෙර රුපියල් අසූ දහසක් කච්චේරියේ තැන්පත් විය යුතු බවයි.

මුදල් රැගෙන කච්චේරිය ඇතුළට ගිය ඔහු යළි පැමිණ නැත.