හිඟන අලියා සුදු කතට පහර දෙයි


උඩවලව විදුලිබලාගාරයත් නාන තොටුපළත් අතර සිටි වල් අලියකුට කෑම දී හොඩේ අතගෑමට ගිය යුරෝපා කතක (37)  අලියාගේ ප්‍රහාරයෙන්  බරපතල තුවාල ලබා රෝහල් ගත් කළ බව පොලීසිය කියයි.

රැස්ව සිටි පිරිසගේ අනතුරු ඇඟවීම් නොතකා ඇය අලියා ළඟට ගිය බවත් ඇය අලියාට පෑගී ඇති බත් පොලීසිය සඳහන් කරයි.

විදුලි වැට අයිනේ සිටින අලි හිඟා කන අලි  ලෙස නමක් ද පට බැඳී ඇත