හිගුරක්ගොඩ පිරිසක් නියඟය පරාජය කරති


නියඟය පරාජය කළ පිරිසක් හිගුරක්ගොඩ මින්නේරිය සමගිපුරයේ සිටිති.පවුල් 250ක් පමණ එහි ජීවත් වෙති.ජලසම්පාදන මණ්ඩලය ජලය පිරිපහදු කිරිමෙන් පසුව ඉවත දමන ජලය රැස්කර වැවක් බැඳගෙන යලමහ දෙකන්නයම වැඩ කරති.අක්කර හයක් හතක් පමණ වන මෙම වැව ගමේ කප්රුක විය.පොළොන්නරුවේ අනෙක් ප්‍රදේශ වල ගංගා,ඇළදොළ,කුඹුරු,ගහ කොළද නියඟයෙන් වියළි ගොස් ඇතත් මේ ගමේ ගහ කොළ සරුසාරය.

නාගලකන්ද ගොවි සංවිධානයේ සභාපති නිමල් කුමාර මහතා පවසනුයේ මහ කන්නයේ වී වගාවට ද කුඹුරු සූදානම් කරන බවයි.

වෙනත් දිස්ත්‍රික් වල මීළග කන්නය වගා කිරීමට නොහැකිව ගොවියෝ ළත වෙති.වසර දහයකින් දොළහකින් නියඟයක් නොදුටු බව සභාපති කියයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමති සමයේ මෙම වැව හදාගැනීමට හැකිවු බවද අඩි 35ක කන්දක් කපා පිරිපහදුවෙන් පිටකරන ජලය රැස්කර තැබීමට මෙම වැව බැඳගත් ඔහු කියයි.

වැවේ ජලපාලක ආර්.ඒ පොඩිමහතා මෙසේ කියයි.

“අපේ ගමට ඕනැ තරම් වතුර තියෙනවා.ගහ කොළ සතා සිව්පාවට උමනාවටත් වඩා වතුර තියෙනවා.පොල් කොස් දෙල් හොදට වැඩෙනවා“

පොල්පිති වලින් තලා හදාගත් වෑකන්ද රැකගැනීම සදහා වැඩි වතුර පිටකරන ඔවුන්ගේ එකම ඉල්ලීම සවිමත් වේල්ලක් තනාගැනීමට උදව් කරන ලෙසයි.

PIX---06--s PIX---07--s PIX---08--s PIX---05--s

PIX---12--s PIX---10--s-(1) PIX---11--s