හික්කඩුවේ කොරල් සමග චීන්නු තිදෙනා සැකපිට


ඉතා  දුර්ලභ ගනයේ ජීවී කොරල් පර විසිහතරක්  සහ බෙල්ලන් දෙදෙනෙකු රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක දී  අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීහු පවසති.

වන සත්තව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ  කොරල පර සහ  බෙල්ලන් ආරක්ෂා කොට ඇති බව රේගුව කියයි.

සැකකරුවෝ අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 0866 දරණ ගුවන්යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මත්තල ගුවන්තොටුපොළේ වැඩකටයුතු සඳහා  තමන් මෙරටට පැමිණි බවත් මෙම කොරල්පර හික්කඩුව මුහුදු තීරයෙන් කඩා ගත් බවත් සැකකරුවෝ රේගුවට පවසා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත  ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්වන චූලා ජයසුන්දර, උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන  අසංක ප‍්‍රියදර්ශන, ලලිත් දුෂ්‍යන්ත, ඞී. අමරසිංහ යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සිදුකිරීමට නියමිතය.