හික්කඩු විරෝධය ගාලු පාරට එයි


හිකකඩුවේ යාඥා මධ්‍යස්ථානයට ඇතුළු වු පිරිස පොලිසියේ ඉල්ලීම මත එතැනින් ඉවත් වී ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.

භික්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන් කියනුයේ යාඥා මධ්‍යස්ථානය ඉවත් කළ යුතු බවයි.

ගාලු පාරේ වාහන ගමනා ගමනයද අවහිර වී ඇත.

යාඥා මධ්‍යස්ථානයේ පාස්ටර් ජී එල් ඩබ්ලිව් චින්තක ප්‍රසන්ත පුජකවරයා පවසනුයේ වසර 16 ක් පුරා තම මධ්‍යස්තානය පවත්වාගෙන එන බවයි.

කිසිවකුත් බලෙන්  බඳවා නොගන්නා බවත්  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කැර ඇති ආගමික නිදහස යටතේ එම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් පුජකවරයා පැවසීය.