හැමදේටම මුල අපේ එකමුතුකම නැති වීමයි


බටහිර බලගතු රටවල් මොන කුමන්ත්‍රනය කළත් අතීතයේ සිට ම අදෘෂ්‍යමානබලවේගයකින් අපේ රට ආරක්ෂා වූ බව අග්ග මහා පණ්ඩිත අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධරක්‌ඛිත නා හිමියෝ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට එසැණට පැවසීය.

“සල්ලි තියන සුදු මහත්වරුන්ගේ රටවල් එදා ඉදලම අපව පාලනය කරන්න බැලුවා. ඒ ඔවුන්ගේ අධිරාජ්‍ය අපේ රටේ පතුරුවන්න. අද ඔවුන්ට ඒක කරන්න පහසු වෙලා තියනවා. ඒ අපි එදාට වඩා අද බටහිර ගැත්තන් වෙලා. අපි දුක කියන්නේ ඔවුන්ට,  වැළදගන්නේඔවුන්ගේ දේවල්. එකමුතුකමනැති වීමයි මේ හැමදේටම මුල. බැලූබැලූ අත අපි බෙදිලා. අනුකරණයට කැමති අපේ ජාතියට සිනමාව, රූපවාහිනිය, අන්තර්ජාලය හොඳ පිටුවහලක්, මොකද ඒවායේ පෙන්වන්නේ බටහිර ගැති දේවල් නිසා”

ප්‍රශ්නය

 ධර්මයෙන් පෝෂණය වුණ අපේ රටේ අද සිදුවන දේ  අනුව ධාර්මික රටක් කියල කියන්න පුළුවන්ද? මිනිස්ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දිනෙන් දින ඉහළ යනවා?

 පිළිතුර

ඔබ හරි අපේ රටේ අද මිනිස් ඝාතනයන් කියන්නේ කූඹියෙකු මැරෙනවා වගේ වැඩක්, කොච්චර බණ කිව්වත් සමාජය  හදන්න බැරි තැනකට අද ඇවිල්ලා, කිසි දෙයක් ගණන්ගන්නේ නැහැ. සල්ලි පස්සේ දුවන මිනිස්සු ඕනෑම ජරා වැඩක් කරනවා. එදා සිටම ධර්මය ඇසුරෙන් හැදුණු මිනිස්සු අද පිරිහිලා. ලෝකය පිරිහීමත් එක්ක අපිත් ඒකටඅහුවෙලා කියල හිත හදා ගන්න එක විතරයි දැන් නම් කරන්න තියෙන්නේ. ධර්මය පිළිපදින්නේ නැති මිනිස්සුන්ට අපි මොනවා කිව්වත් වැඩක් නැහැ.

 

විශේෂ ස්තූතිය

පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරත්න හිමියන්ට හා ඉතාලියේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝ  නායක වගේගොඩ ශීලානන්ද හිමියන්ට.