ශ්‍රී ලංකාව අවට මුහුද ආසන්නයේ දැකිය හැකි කුසඇලි සයුරු උකුස්සකු (වයිට් බෙලීඩ් සී ඊගල්) විල්පත්තුව මහ පතැස්සේදී සති අන්තයේදි ඡායාරූපගත කිරීමට කොළඹ සම්පත් බැංකුවේ සුපිරි ශාඛා කළමණාකරු ජනක සේනාරත්න සමත් විය. මුහුද ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන මේ උකුස්සන් රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රිතව ද සිය ගොදුරු සොයා සැරිසරන බව පරිසරවේදීහු කියති.


