හැඳුනුම්පත් දෙකක් ගත් කතට නඩු


මුලින් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන සිටියදී දෙවැනි හැඳුනුම්පතක් ලබාගත්තැයි මහනුවර අශෝකමාලි ජයාංගනී උදයානි විජයරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිතාසි නිකුත් කළේය.

ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කරමින් ඇය පුද්ගලයින් ලියාපදිංචි කොමසාරිස් නොමග යවා ඇතැයි මහනුවර පොලීසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

තමා විවාහ කරගැනීමේ පොරොන්දුව පිට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමාගෙන් මුදල් ගත්තැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේද මෙම කාන්තාවයි.