
(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ආරම්භ කරන ලද බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
අද (3) සිට මෙම කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකිවනු ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වයඹ පළාත් කාර්යාලය, 03වන මහල, නව වෙළඳ සංකීර්ණය, කුරුණෑගල ස්ථානයෙන් මෙම සේවාව ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියයි.

