මාස ගණනාවක් කාමරයක දමා සිරකැර සිටි 84 හැවිරිදි මවක් දඹුල්ල හීන්මොරගොල්ල ව්‍යාපාරික නිවසකින් මුදාගෙන දඹුල්ල රෝහලට භාර දීමට දඹුල්ල පොලිසියට හැකි විණි.
දඹුල්ල නාගරින ග්‍රාම නිලධාරී කේ ජී විජේරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහතාට දැනුම් දී මෙම මව සොයා ගැනීමට හැකි විණි.
ඇය ගල උඩ ගෙදර ඇලිස් නෝනා මහත්මියයි.
ඇයට දරුවන් නොමැති නිසා ඇය කුඩා කාලයේ සිට හදා වඩා ගත් දරුවා ළඟ ජීවත් වී ඇත.ඔහුද දරුවන් ඇති පියෙකි.
දඹුල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂිකා ප්‍රමිලා වනිගතුංග ,එල් ආර් එන් නිලක්ෂිකා රාජසේකර ,දඹුල්ල නාගරික මන්ත්‍රී සරත් චන්ද්‍ර ග්‍රාම නිලධාරී කේ ජී විජේරත්න යන පිරිස මෙම නිවස සොයා ගත්හ.
ඔවුන් යන විටත් අසරණ මව කාමරයේ කුඩා ජනේලයකින් එළිය බලාගෙන සිටියාය.
කාමරය වසා ඇති නිසා ඇය ශරීර කෘතිය කැර එම ජනේලයෙන් එළියට දමන බව ඇය පැවසුවාය.
තමන්ට දුරුවන් නොමැති නිසා හදා වඩා ගත් දරුවා ළඟ සිටින බවත් තම ඥාතීන් තමන්ට නොසැලකීම නිසා අසරණ වී සිටින බවත් පැය කීවාය.
දරුවාට අපකීර්තියක වන නිසා ඇය දුක ඉවසාගෙන සිටින බවද අය කීවාය.
එම නිවැසියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ නිවස හැම තැනකම ඇවිදිමින් ජරා කරමින් අපවිත්‍ර කරන නිසා කාමරයකට දැමු බවයි.

