හැඳි මිටේ නුවණට මාලය පුදයි


පවුම් එක හමාරක මාලයක් පැළඳ බේරුවල නගරයට ආ කතක (47) කඩදාසියක එතූ කොන්ක්‍රීට් ගල් කෑල්ලකට මාලය අහිමි කරගෙන පොලිසි ගියාය.

මෙම කාන්තාව ළඟට ආ මිනිසකු චාටුවෙන් ඇය මුළාකරගෙන තමා ළඟ රුපියල් ලක්ෂ 4ක මැණිකක් ඇතැයි ඇයට කියා ඇති බවත් ඒ සමගම තවත් අයකු ඔහු ළඟට අවුත් එම ගල රුපියල් තුන් ලක්ෂයකට ඉල්ලා ඇතැයිද පසුව කාන්තාව මාලයට ගල හුවමාරු කරගෙන ඇතැයිද කියති.

මාලය බැංකුවට උගස් තැබීමට ගිය පුද්ගලයා නොපැමිණි හෙයින් ඇය පොලිසි ගියාය.