හැන්වර්ත් පන්සලේ ආහාර සල්පිල 13


එංගලන්තයේ හැන්වත්හි ඉදිවෙමින් පවතින අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අභිවෘද්ධිය පිණිස පවත්වනු ලබන ආහාර සල්පිල හෙස්ටන් ප්‍රාථමික පාසලේදී දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැවැත්වීමට නියමිත බව වඳුරඹ කස්සප හිමියෝ කියති.

අතුල දස්සන සමාජ හා සංස්කෘතික පදනම සල්පිල සංවිධානය කරන අතර එදින රාත්‍රී සජීවී කණ්ඩායම් සංගීත වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතය.