හැන්ද ඇත්තෝ දෙක දෙක බදා ගනිති


කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකරුවන් සමෘද්ධි  සංවර්ධන නිලධාරීන්  අතරින්  පළාත් පාලන ආයතනවලට පත් වු ඇතැම් මන්ත්‍රීන්  රජයෙන් සහන මිලට ලබා දුන් යතුරුපැදි දෙක දෙක ලබාගෙන ඇතැයි දිස්ත්‍රික් කිහිපයකින්ම  වාර්තා වේ.

පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ඒ කේ රණවක මහතා පැවසුයේ  එවැනි දෙයක් සිදු වී ඇත්නම්  ඒ මන්ත්‍රීවරුන් වැරැදි වැඩක් කැර ඇති බවයි.එසේ යතුරුපැදි ලබාගෙන ඇත්නම් නැවත පවරා ගන්නා බවත්  අතිරේක ලේකම් ඩබ්ලිව් එම් පී ජී වික්‍රමසිංහ මහතාට එය භාර කැර ඇති බවත් ඔහු කීවේය.

නාවුල ප්‍රාදේශිය සභා මන්ත්‍රී රුවන් සමරවික්‍රම ,ගලේවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රී අසංක නිල්දණ්ඩාවෙල යතුරු පැදි දෙක බැගින් ලබා ගත් බව කියති.ඇතැම් යතුරුපැදි සමීප නෑයනට දී ඇති අතර ඇතැම් ඒවා විකුණා ඇතැයිද කියති.

අනුරාධපුර දිස්ත්‍රිකයේ පමණක්  මන්ත්‍රීන් එකොළහක් දොළහක් පමණද  බෙලිඅත්තේ හා හම්බන්තොට සෑහෙන පිරිසක්ද  යතුරු පැදි දෙක බැගින් ලබාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

මෙම සයිකලයක සහන මිල රුපියල් පන්ස් පන්දහසකට ආසන්නය.